Monday, February 20, 2012

ආදරය මිනිසා ජීවත් කරවයි.........

හිරු සැගවගිය නමුත් අහසේ
අදුර නොම එයි ජීවිතේ
සදක් සේ පායා දිලී මගේ ලෝකේ
එළිය කරන නුඹ මගේ සද කොමළී

වෙරළ සිඹිනට පැමිණෙනා රළ
මුදු වෙරළ සිඹ සිඹ සැනහෙනා
මුලු ගතම වෙහෙසී වගුරනා දා බිද
පිස දමා සනහන බිරින්දා

ගත වෙහෙස වඩනා විඩා මට
ගෙනේ විටකදි දුක් පීඩා
එ හැම වෙහෙසක් නිවා සනහන
පුතු දෝණි මාලෝව තාරකා......

සදවතිය නුඹ සැම විටම මා සනහනා
සිත සතුට වඩවන දෝණී පුතු මට රුවන් මිනි මුතු තාරකා
දිනකරක් මෙන් අපේ ලෝකය පුබුදමින් මා
සැනෙන් තුටු වී ඉදිමු සැමදා මේ ලෙසින් සැමදා...........

No comments:

Post a Comment