කලබලයි තවම මා සිත
ඉකි ගසා හඩමින්
නික්මෙන්න මෙරටින්
ඉඩ නොදෙන සිත මා
ආදරෙන්..........
ගල් හිතක් යැයි මට
තියෙන්නේ ඈ
කිසිවිටෙක පවසත්දෝ
ඉකිගසන හද කෙළෙස ගෙන එම්ද මා ඈ ඉදිරියට
ආදරෙන්...............
නික්මෙන්න අවසර දෙම් කෙසේ මම
සගවගන්නට සිත් දෙයි ඈ මා ලයේ
හොවාගෙන වත සැනසෙනා විට
නික්මෙන්ට දෙන්නේ කෙසේ
ආදරෙන් ඈ දෙඩමලු වෙනා හැමවිට
සගවගත් මා කදුලැල්
තව තවත් සගව ගන්නට
ඉඩ දෙනන් මට
ආදරෙන්................
නැතුවා නොවේ දුකක් මට
නුඹ නැතිව පාළුව දැනේ
නුඹේ සිහිනෙට ඉඩ දෙන්න නම් මට
කදුලු සගවන්නට වෙනවා හදේ
ආදරෙයි මම
ඇයට සැමදා
හිදිමි මා සිත
මා ම සනසා
නුඹට මා හරි ආදරේ............................
සුපුන් රුවන් පතිරණ 2012/03/15
No comments:
Post a Comment